අධිකරණ පද්ධතියේම අපි දැවැන්ත ප්‍රතිසංස්කරණයක් කරමින් ඉන්නවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැසී ඇති අතර, පවතින තත්ත්වය මත ඇතැම් මහා අධිකරණවල ජනවාරි මාසයේ විභාග වන නඩුවකට නැවත දිනයක් ලැබෙන්නේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල බවත්, එමගින් නඩු දීර්ඝ කාලයක් ඇදී යන බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

නඩු ප්‍රමාදය හේතුවෙන් කිසිදු කාර්යයක් විශ්වාසවන්ත ලෙස ආරම්භ කිරීමට පවා නොහැකි වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙම තත්ත්වය වෙනස් කර නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා අධිකරණ පද්ධතියේ මෙන්ම අධිකරණ සම්බන්ධ ආයතනවල ද දැවැන්ත ප්‍රතිසංස්කරණයක් සිදුකරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *