ජනතාව ඉල්ලනකොට අපි එනවා, එපා කියන කොට යනවා.අපි ආගම දහම අනුව ජීවත් වෙන අය – නාමල් රාජපක්ෂ

තමන් සැමවිටම ජනතා කැමැත්තට ගරු කරන බවත්, ජනතාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක සේවය කිරීමට ඉදිරිපත් වන සේම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ තමන් සහ තම පවුල සැමවිටම ආගමික සාරධර්මවලට මුල්තැන දෙමින් ජීවත් වන පිරිසක් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය:

“අපි ආගම දහම අනුව ජීවත් වන අය. අපේ දේශපාලන ගමන තීරණය කරන්නේ ජනතාවයි. ජනතාව ඉල්ලන කොට අපි එනවා, එපා කියන කොට අපි යනවා. අතීතයේදීත් රට මුහුණ දුන් විවිධ ව්‍යසනවලින් ජනතාව මුදවා ගැනීමට අපේ නායකත්වය කැපවුණා. ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අප පසුබට වන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *