අපි විරෝධතාවට යන්න ලෑස්ති වෙලා හිටියේ, එන්න එපා කිව්වහම ආත්ම ගරුත්වයක් තියාගෙන එතනට යන්න බෑනේ – සාගර කාරියවසම්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (24) පාර්ලිමේන්තුව අසල පැවැති විරෝධතාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී වීමට නියමිතව තිබුණ ද, ඊට අනෙකුත් පක්ෂ සම්බන්ධ නොවිය යුතු බවට සමගි ජන බලවේගය ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, එලෙස නොපැමිණෙන ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු ආත්මගරුත්වයක් සහිතව එම ස්ථානයට යාමේ හැකියාවක් නොමැති බවයි.

මෙය සමගි ජන බලවේගයේ විරෝධතාවක් පමණක් නොවිය යුතු බවත්, සමස්ත රටේම විරෝධතාවක් බවට පත්විය යුතුව තිබූ බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *