ගිනි අවි ආඥා පනත යටතේ දුමින්ද දිසානායක රිමාන්ඩ්

ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තිඹිරිගස්යාය ප්‍රදේශයේදී ඔහු ඊයේ (24)අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියට අදාළව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලට අනුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.h

Leave a Reply

Your email address will not be published. Required fields are marked *