භික්ෂු­වක් වැරැ­ද්දක් කළාම මුළු භික්ෂු සමා­ජ­යම කන­පිට හර­වන්න ඇතැ­මුන් ක්‍රියා කර­නවා – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

භික්ෂු­වක් වර­දක් කළොත් මේ සමා­ජයේ මුළු භික්ෂු සමා­ජ­යම කන­පිට ගහන්න ඇතැ­මුන් ක්‍රියා කරන බව ඉත්තෑ­කන්දේ සද්ධා­තිස්ස හිමියෝ ගාල්ලේ කච්චි­වත්ත දීප­දු­ත්තා­රා­මයේ පැවති රැස්වී­මක දී පෙරේදා (18) පැව­සූහ.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගාල්ල දිස්ත්‍රික් භික්ෂු සංවි­ධා­නය ආරම්භ කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් සද්ධා­තිස්ස හිමියෝ මේ බව පැව­සූහ.

එහිදී සද්ධා­තිස්ස හිමියෝ මෙසේ ද කීහ.

“සම­හරු හිතා­ගෙන ඉන්නවා භික්ෂූන් වහ­න්සේලා කන්න නැතිව මහණ කරපු අය කියලා. ඔව්, අපි කන්න නැතිව ගෙනත් දාපු අය. හැබැයි අපි කන්න නැතිව ගෙනත් දැම්මත් දන් වළඳා නිකන් හිටියේ නැහැ. රට ගොඩ­න­ඟන කාර්යයේ සහ රට ආරක්ෂා කරන කාර්යය කළා මිසක් රටට අහි­ත­කර දේවල් කර නැහැ.

අපි එක එල්ටීටී කාරයො එක්ක­වත් ෆොටෝ අර­ගෙන නැහැ. නවා­තැ­නක් දී නැහැ. අනු­ග්‍ර­හය දක්වා නැහැ. ඒක අපේ හයිය හාමු­දු­රු­වනේ. ඒ නිසා අපට වග­කී­මක් තිබෙ­නවා මේ රට වෙනු­වෙන් යමක් කරන්න. ඒකයි භික්ෂු­වට පහර දෙන්නේ. නිරා­ග­මි­ක­යන් භික්ෂු­වට පහර දෙනවා. ඇයි භික්ෂු­වට පහර දෙන්නේ. භික්ෂු­වට ගහලා සංස්කෘ­තිය ඒ අයගේ දේවල් කර­ගන්න ලේසියි. රජුන් තනන්නේ භික්ෂුව නම් ඒ භික්ෂුව විනාශ කළාම රජුන් තනන්න බැරි වෙන්නයි එහෙම කරන්නේ. ඒ නිසා හාමු­දු­රු­වනේ අපට නොයෙක් කතා කිය­මින් භික්ෂුව වට්ටන්න පුළු­ව­න්නම් ඒ වට්ටන්න පුළු­වන් හැම තැන­කම වට්ට­නවා.

කවු­රු­හරි හාමු­දුරු කෙනෙක් වර­දක් කළොත් මේ සමා­ජයේ මුළු භික්ෂු සමා­ජ­යම කන­පිට ගහන්න හද­නවා. පසු­ගිය කාලේ කිව්වා පන්ස­ලට යන්න එපා.දන් දෙන්න එපා කියලා. ෆේස්බු­ක්වල ගැහුවා, යූ ටියු­බ්වල ගැහුවා, දන් දෙන්න එපා කියලා. හැබැයි අපේ මිනිස්සු ඒ දෙන්න එපා කිව්වට පස්සෙ වැඩි වැඩි­යෙන් දන් දුන්නා. ඒක තමයි බෞද්ධ­යාගේ හැටි. මේ සිංහ­ල­යාගේ හැටි එහෙ­මයි හාමු­දු­රු­වනේ. අපි කව­දා­වත් වැටෙන්නේ නැහැ. භික්ෂුව වට්ට­න්නත් අමා­රුයි. තළන්න බැහැ. කව­දා­වත් භික්ෂුව කියන්නේ තළන්න තළන්න මුව­හත් වන ජාති­යක්. ඒක නිසා මිනිස්සු හිතා­ගෙන ඉන්නවා නම් අපට ගහල වට්ටන්න, අපි වැටෙන්නේ නැහැ. ඒ ගහන එකාට හැරිලා අපි ගැහු­වොත් උන්ට දුවන්න පාර­වල් මදි. අපි හැම­දාම කළේ රට වෙනු­වෙන් සිට ගැනී­මයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *