හරක් කටාට එරෙහිව නීතිය සුමට කිරීම සදහා ඔහුගේ බිරිදගෙන් ලබා ගත් ලක්ෂ එක් දහස් දෙසීයක මුදලෙන් ලක්ෂ දෙසීයක මුදලක් නැවත ඇයට යැවීම සදහා මෙම ගනුදෙනුවට මැදිහත් වූ අනෙක් පාර්ශ්වයට භාර දීම සිදුකර තිබෙන්නේ නුගේගොඩ, නාවල, විජයබා මාවතේ පිහිටි විජේදාස රාජපක්ෂ ට අයත් නිවසේ දී බව අනාවරණය වී ඇතැයි, අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්ෂ, නීතීඥ අනූෂා සම්බන්දබ්පෙරුම අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ