විමල් අපෙන් යද්දී කිව්වේ සීනුවේ ගෙඩිය ගලවන් ගියා කියලා,ටාන් ටාන් නෑ කියලා හැබැයි තව ටික දවසකින් විමලයට ටාං ටාං තමයි – ලාල් කාන්ත

ජාතික නිදහස් පෙරමුණේ (JNP) නායක විමල් වීරවංශ මහතා අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් (JVP) ඉවත්ව යන අවස්ථාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සිහිපත් කරමින්, ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රබල දේශපාලන ක්‍රියාකාරී, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් සෘජු හා දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විමල් වීරවංශ මහතා එදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව යන විට, තමන් පක්ෂයේ ප්‍රධානතම ශක්තිය හෙවත් “සීනුවේ ගෙඩිය” ගලවාගෙන ආ බවත්, ඉන්පසු පක්ෂයට “ටාන් ටාන්” හඬක් නැඟිය නොහැකි බවත් පවසමින් උදම් ඇනූ ආකාරය ලාල් කාන්ත මහතා සිහිපත් කරයි.

“විමල් අපෙන් ගියාම කිව්වේ, සීනුවේ ගෙඩිය ගලවන් ගියා දැන් ටාන් ටාන් නෑ කියලා. තව ටික දවසකින් විමලයට ටාං ටාං තමයි…” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *