ගෙදර අය ආදරේට රත්තරන් කිව්ව නිසා ඒ නම වැටුණා – රෝහිත අබේගුණවර්ධන

තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට  පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඕනෑම කෙනකුට පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බව කී අබේගුණවර්ධන මහතා තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් කියන නම යැයි ද නමුත් මාල කැඩීම නිසා රත්තරන් යැයි තමා හඳුන්වන බවට දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇතැයි  රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *