රන්ජන්ට සාධාරණය ඉටු කරනවා – මාලිමාවේ විජිත් හේරත් කියයි

රන්ජන් රාමනායක, හොරකමට සහ දූෂණයට එරෙහිව තනිව සටන් කළ පුද්ගලයෙක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 

කෙසේ වෙතත්, තනිව සටන් කර ජයග්‍රහණ අත්කර ගැනීම අපහසු බව පවසන මන්ත්‍රීවරයා, ඒ සදහා ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය බවද අවධාරණය කරයි. 

රන්ජන් සිරගත වූවේ ඔහු හොරකමකට හෝ වංචා දූෂණයකට සම්බන්ධ වූ නිසා නොව, සත්‍යය ප්‍රකාශ කිරීම නිසා බව පවසන මන්ත්‍රීවරයා, රන්ජන්ට සිදුව තිබෙන අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කිරීමට නුදුරේ බිහිකරන මාලිමා රජයක දී කටයුතු කරන බවද පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *