පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට පැමිණි කඩුවෙල ආසනයේ සජබ පළාත් පාලන නියෝජිතයෝ පක්ෂ දෙකේ එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහත්වරුද සජබ පළාත් පාලන ආයතන නියෝජිතයෝද සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ මෙම එකතුව රටට හොඳ අවස්ථාවක් බවයි. 1991දී දෝශාභියෝගයෙන් පක්ෂය දෙකට කැඩෙන්න තිබූ නමුත් ප්‍රේමදාස ජනාධිපතිතුමාට ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමේ වගකීම තමා බාර ගත් බවයි.
තලතා අතුකෝරළ මහත්මියගේ සහෝදරයාත් තමාට එදා උදව් කළ අතර දැන් තලතා අතුකෝරළ මහත්මිය සියලු පාර්ශ්ව වලට කතා කොට පක්ෂ එකතු කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.