අගෝස්තු 05 සිට 29 දක්වා වූ කාලය තුළ වක්‍ර චලිතයක යෙදෙන බුද ග්‍රහයා තමා සිටින සිංහ රාශියෙන් ගණ්ඩාන්ත නැකැත් වූ මා සහ අස්ලිස නැකැත ඒ හරහා නැවත අගෝස්තු 22 වන විට කටකයට පිවිසෙන අතර මෙසේ සිදුවන බුදගේ වක්‍ර චලිතය නිසා ලොව පුරා සන්නිවේදන ක්ෂේත්‍ර තුළ බිඳවැටීම්, දත්ත පද්ධතිවල අවහිරතා, අන්තර්ජාල සේවා බිඳ වැටීම්, තාක්ෂණික ෙදා්ෂ තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
මෙරට තුළ සන්නිවේදන සහ මාධ්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් අයකුගේ වියෝ වීමක් පිළිබඳව අසන්නට ලැබෙනු ඇත. අගෝස්තු 08 වැනිදා වන විට වක්‍ර වූ බුධ සමඟ ග්‍රහ යුද්ධයකට පිවිසෙන සිකුරු එකී යුද්ධයෙන් ජයගන්නා අතර බුධගේ පරාජයත් සමඟ අගෝස්තු 29 දක්වා වූ ඉදිරි කාලය තුළ රට පුරා විවිධාකාර වූ මහජන කැලැඹීම් ඇති වන ස්වරූපයක් පෙන්නුම් කරයි. මේ තත්ත්වය වත්මන් පාලක පක්ෂයට තරමක් අහිතකර වන අතර පාලක පක්ෂය විසින් ගනු ලබන දැඩි නීතිමය පියවරයන් තුළ ජනතාව පීඩාවට ලක්වන්නට ඉඩ පවතී. කෘෂිකාර්මික ක්ෂේත්රය නියෝජනය කරන ගොවි ජනතාවට සිය අස්වැන්න සම්බන්ධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ නිසාම විවිධ උද්ඝෝෂණ ආදිය ඇතිවීමේ ප්‍රවණතාවක් ද නිර්මාණය වන බව පෙනී යයි.
සංචාරක ක්ෂේත්රය තුළ යම්කිසි ප්රවර්ධනයක් පෙන්නුම් කරන අතර රටේ ආදායම් තත්ත්වය පිළිබඳව සංචාරක කර්මාන්තකරුවන්ට වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි කාලය යහපත් කරගැනීමට ඉතාම සුදුසු තත්ත්වයන් රැසක් නිර්මාණය කරන බවද පෙනී යයි. තැපැල් හා දුම්රිය සේවාවන්වල නවීකරණ වැඩපිළිවෙළකට යෑමද සුබදායක වන බව පැවැසිය යුතු වේ. වාහන ආනයනය සහ එකලස් කිරීමේ ක්ෂේත්රවලටද ඉදිරි අගෝස්තු 29 දක්වා කාලය සුබදායක වේ. ඒ තුළ විශාල වෙනස්කම් රැසකට ද ඉඩකඩ ඇත.
බුද වක්‍ර චලිතයක යෙදෙමින් සිකුරු හමුවේ පරාජයට පත්වී ඇති අගෝස්තු 29 දක්වා කාලසීමාව තුළ බුද්ධියට වඩා පුහුආටෝපයන්ට මුල් තැනක් ලැබෙන අතර බුද්ධිය පසෙකලා හදවතට මුල් තැන දී තීරණ ගැනීම් සිදුවන කාලසීමාවකි. ඒ නිසාම රැවටීම්වලට ලක් වන කාලයක් බැවින් හොඳින් සිතාමතා තීන්දු තීරණ ගැනීමට ක්‍රියා කළ යුතු වේ.
විශේෂයෙන් සන්නිවේදන, තැපැල්, ජනමාධ්‍ය, අධ්‍යාපන, දුම්රිය යනාදී ක්ෂේත්රවල රැකියාවේ නියුතු අයට යම් පීඩාකාරී අපහසු තත්ත්ව ඇති කරවන බවක් පෙනෙන අතර උද්ඝෝෂණ, පෙළපාළි හා ආණ්ඩු විරෝධී ක්‍රියාවන්වලට අනිසි අයුරින් පෙලඹුණහොත් තමන්ට අවාසිදායක තත්ත්ව ඇති කරවන බව තරයේ සිහි තබා ගැනීම වටී.
ආණ්ඩුව විසින් විවිධාකාර ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හෝ වාණිජ එකඟතාවන් හා මිලදී ගැනීම්වලට අස්සන් තබන්නට හෝ ගිවිසුම් ගත වන්නට බලාපොරොත්තු වන්නේ නම් හෝ විදෙස් රටවලට විවිධ ව්‍යාපෘති භාර දෙන්නට ක්‍රියා කරයි නම් අගෝස්තු 05 සිට 29 දක්වා කාලය මේ ගිවිසුම් අස්සන් තැබීම් පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු වේ. එසේ නොවුණහොත් ඒවා රටට අහිතකර වීමේ ඉඩකඩක් ද ඇති බව පෙනී යයි.
සමස්තයක් වශයෙන් අගෝස්තු 05 සිට 29 දක්වා කාලය තුළ රටේ ජනයා හදිසි තීරණවලට නොයෑම, වචන භාවිතාව පිළිබඳව කල්පනාකාරී වීම, අනවශ්‍ය ගැටුම් කලකෝලාහලවලට මැදිහත් නොවී සිටීම ඉතා වැදගත් වේ. අනාගතය පිළිබඳව බුද්ධිමත්ව සිතමින් සැලැසුම් සකස් කරගැනීමට කොයි කාටත් සුදුසු කාලයක් නිසා මනා සිහි බුද්ධියෙන් ක්‍රියා කිරීම බොහෝ යහපත් බව මතක් කළ යුතු වේ.