2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island )ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ඒ ලන්ඩනයේ පැවති the Wanderlust Reader Travel Awards 2024 සම්මාන උළෙලේදී වීම විශේෂත්වයක්.
මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවුයේ 8වන ස්ථානයයි.
ලක්ෂ 2කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව Most Desirable Island ලෙස පත්කිරිමට සිය මනාපය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ දිවයිනක් ලෙසයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ සම්මානයට පාත්‍ර වන්නේ.
ශ්‍රී ලංකාවේ පවතින පෞරාණික අංග විශේෂයෙන් සීගිරිය, දඹුලු ලෙන් විහාර අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ නටඹුන් වැනි දෑ සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථාන ලෙසයි එහිදි සඳහන් කර ඇත්තේ.
එම සම්මාන කාණ්ඩයේ දෙවන ස්ථානය තායිවානයට තුන්වන ස්ථාන පුවර්ටෝ රිකෝ යන දිවයින් දෙක හිමිකර ගැනීමට සමත් වුණා.
කාණ්ඩ 22ක් යටතේ මෙම සම්මාන උළෙල පැවති අතර ලොව පුරා සිටින සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් මේ සඳහා ඡන්දය පල කර ඇති බව සඳහන්.