අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පවත්වනු ලබන පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමත්වරයා හා එක් ඇමතිවරයකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කැබිනට් මණ්ඩලය ලොව කුඩාම කැබිනට් මණ්ඩලයයි.
මෙම කැබිනට් හමුවේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී හෙට දිනයේ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතව තිබේ.