වැරදියට නම් ඇතුළත් කීරීම ගැන කරුණු කියන්න නිළධාරීන්ට නියෝග කරයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන්  කිරීම සම්බන්ධයෙන්  නිදහසට  කරුණු ඉදිරිපත් කරන ලෙස  පාර්ලිමේන්තු ප්‍රධානීන් අදාල නිලධාරීන්ට නියෝග කර ඇත.

මේ අනුව ඔවුන්  ලබන සඳුදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුවේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සමහර මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට සඳහන් කෙරුණු ආචාර්ය උපාධි පසුගියදා ඉවත් කෙරිණ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කරනු ලබන්නේ එහි  සභා ලේඛන   අංශය විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *