ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත් වී වසරක් ගත වන හෙටට (සැප්. 21) දින වන විට ශ්‍රී ලංකා පොලිසිය හරහා රට පුරා සිදුකළ මෙහෙයුම් තුළින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5,553,461.13ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින්, කොකේන්, අයිස්, ගංජා, කේරළ ගංජා, මොෆින්, හශිෂ්, මත් පෙති මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර තිබේ.
ඒ අනුව, 2024.09.21 සිට 2025.09.17 දිනට අදාළව එම සංඛ්‍යා දත්ත වලංගු වේ. එම කාලවකවානුව තුළ අත්අඩංගුවට ගත් ගිනි අවි සංඛ්‍යාව 2,500කි.
එමෙන් ම, 2024.09.21 සිට 2025.09.17 දක්වා වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරීන්ට අදාළව සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් නිලධාරීන් 5ක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීම සම්බන්ධව නිලධාරීන් 03ක් හා අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැඩ තහනම් කර ඇති නිලධාරීන් 53ක් ඇතුළු නිලධාරීන් 434කගේ වැඩ තහනමට ලක්ව ඇත.
තව ද, අදාළ කාල සීමාව තුළ වෙඩි තැබීම් හා වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතන හා ඊට අදාළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ සංඛ්‍යා දත්ත අනුව සිදුවීම් 112කට අදාළ මරණ 57ක්ද, තුවාල ලැබූවන් 53ක් මෙන්ම ඊට අදාළ වෙඩික්කරුවන් 50ක්, පැදිකරුවන් 37ක්ද අනුබලදීම් 322කට අදාළව සැකකරුවන් 409ක් අත්අඩංගුවට ගෙන ඇත.