නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මෙම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.