උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් ලක්ෂ හත්සිය තිහකට වඩා වැඩි මුදලක් වැය කර දෙහිවල සහ රත්මලාන යන ප්‍රදේශවලින් ඉඩම් කොටස් කිහිපයක් මිලදී ගැනීමට අදාලව, මුදල් විශුද්ධකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින්, යෝෂිත රාජපක්ෂ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
යෝෂිතට අමතරව, ඩේසි ෆොරස්ට් යන අය ද මෙම නඩුවේ සැකකාරියක ලෙස සිටියාය.
ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව සැලකිල්ලට ගනිමින්, මෙම නඩුවෙන් ඩේසි ෆොරස්ට් මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණි.
ඩේසි ෆොරස්ට් නඩුවෙන් මුදා හැර ඇති බැවින්, නඩුවේ ප්‍රධානම චෝදනාව වන “කුමන්ත්‍රණය කිරීසම” යන්න තමන්ට එරෙහිව පමණක් පවත්වාගෙන යා නොහැකි බව කියමින්, යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට ගියේ ය.
නමුත් අභියාචනාධිකරණය පසුගිය ජූලි තුන් වන දා යෝෂිතගේ පෙත්සම නිශ්ප්‍රභ කළේ ය.
කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙන්නේ ඉන් පසුවයි.
යෝෂිතගේ මෙම පෙත්සමට අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නීතිපතිවරයා සිය විරෝධය පලකර තිබේ.