ඉස්කොලෙන් ගියපු ගමන් ත්‍රීවිල් අරන් පාරට දාන්න බෑ,ත්‍රිවීල් පදින්න පුළුවන් අවම වයස 40 දක්වා ඉහළ දානවා – ඇමති නලීන් හේවගේ

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, තරුණ ප්‍රජාව නිපුණතා සහිත වෘත්තීය ක්ෂේත්‍රයන් වෙත යොමුවීම වෙනුවට පහසු ආදායම් මාර්ගයක් ලෙස ත්‍රිරෝද රථ ධාවනයට පෙළඹීම හේතුවෙන් මෙරට ශ්‍රම බලකාය තුළ පවතින දැඩි හිඟයට විසඳුමක් ලෙස මෙම තීරණය ගැනීමට සලකා බලමින් සිටින බවයි. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම ත්‍රිරෝද රථයක් මිලදී ගෙන මාර්ගයට පිවිසීමට තවදුරටත් ඉඩ නොතබන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *