පොල් ගෙඩියක් හිසට වැටී දැරිය මියයයි

මාවනැල්ල නගරයේ පිහිටි පෙරපාසලක කුඩා දැරියකගේ හිසට පොල්ගෙඩියක් වැටි තුවාල ලැබූ දැරියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

අද (01) උදෑසන 10.45ට පමණ පෙර පාසල් පාලිකාව අදාළ පෙර පාසලේ ගේට්ටුව වැසීම සඳහා පන්ති කාමරයෙන් පිටව යාමේදී මෙම දැරිය සහ තවත් දරුවන් දෙදෙනෙක් පාලිකාව සමග මිදුලට දිවගොස් තිබේ.

පසුව දරුවන් තිදෙනා පාලිකාව සමඟ නැවත පෙර පාසල් ගොඩනැගිල්ල තුළට යමින් සිටියදී පෙර පාසලේ වත්තේ තිබූ පොල් ගසක ගෙඩියක් වැටීමෙන් මෙම දැරිය තුවාල ලබා තිබේ. 

දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී දැරියගේ තත්ත්වය බරපතළ වූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යාවා තිබුණි.

එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි හසත්මා එදිරිමාන්න නමැති අවුරුදු තුනහමාරක් වයසැති දැරියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *