ලොක්කන්ගේ නියෝග නැතුව යුක්තිය මෙහෙයුම නවතියි

පාතාල අපරාධකාරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම මේ වනවිට නමට පමණක් සීමා වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

යුක්තිය මෙහෙයුම නතර කර නැතත් කිසිම මෙහෙයුමක් මේ වනවිට විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකුම කියා සිටියේ මේ වෙනකොට කුඩුකාරයෝ තියා කසිප්පුකාරයෙක්වත් අත්අඩංගුවට ගැනීමට බහුතරයක් පොලිසි උනන්දු වෙන්නේ නැති බවයි.

ඉහළ නිලධාරීන්ගෙන් විධිමත් ආකාරයේ නියෝගයන් නොලැබෙන නිසා පොලිස් නිලධාරීන් බහුතරයක් සිය මෙහෙයුම් සහ රාජකාරි අතහැර දමා ඇති බවද උසස් නිලධාරීන් කියා සිටිති.

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට කඩිනම් විසඳුම් ලබාදී අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට කටයුතු නොකළහොත් මහජනතාවට සැකයෙන් බියෙන් තොරව ජීවත්වීමට හැකි වටාපිටාවක් ඇති නොවන බවද උසස් නිලධාරීහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *