පාසල් සිසුන්ගේ ගැටුම් බේරන්න සමථ මණ්ඩලය රට පුරා ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරයි

පාසල් සිසුන් අතර සිදුවන ගැටුම් නිරාකරණය කිරීමේ අරමුණින් විශේෂ සමථකරණ වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

‘පාසලට සමථකරණය’ නමින් සමථකරණ සංකල්පයක් හඳුන්වා දෙමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම විශේෂ සමථකරණ වැඩපිළිවෙළහි පළමු අදියර ලෙස දිවයින පුරා පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් පාසල් 58ක ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩමුළු 15ක් ක්‍රියාවට නැංවීමට නියමිතය. එහි දෙවැනි අදියර ලෙස සමස්ත දිවයින ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 58ක සමථ ඒකක ස්ථාපිත කිරීමට නියමිත බවත්, එමගින් පාසල් ළමයින් 1,700ක් පමණ පුහුණු කිරීමට අපේක්ෂිත බවත් සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහන් කරයි.

යුරෝපා සංගමයේ දායකත්වය මත SEDR ව්‍යාපෘතියේ මූල්‍යාධාර මත බ්‍රිතාන්‍ය කවුන්සිලය හා අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව එක්ව ‘පාසලට සමථකරණය’ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *