වර්ෂ 2019 සිට 2024 දක්වා ගතවූ වසර 5 කාලය තුළ මෙරට දුප්පත්කම දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (බීබීසිය) වාර්තා කර ඇත. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතාගේ විග්‍රහයක් උපුටා දක්වමින් බීබීසිය ප්‍රකාශ කරන්නේ මෙලෙස ශ්‍රී ලාංකික සමාජයේ දරිද්‍රතා රේඛාව වේගයෙන් ඉහළ යාමෙන් පුද්ගලයකුට මසකට තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇති බවය.
ඒ අනුව වර්ෂ 2019 දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව මසකට රුපියල් 6966/- කි. 2024 මැයි මාසය වනවිට එම අගය මසකට රුපියල් 16,326/- ක් දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි ද බීබීසී වාර්තාව වැඩිදුරටත් පවසයි.