තවත් පොලොව නුහුලන අපරාධයක් – අවු 10 දැරිය දූෂණය කර ඝාතනය කරයි


තලෙයිමන්නාරම – තලෙයිමන්නාරම්තොට ප්‍රදේශයේදී දූෂණය කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 10ක පමණ දැරියක් මෙසේ ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලීසිය පැවසූවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී මෙම සිරුර සොයාගත් බවයි.

අදාළ සිරුර දැරියගේ නිවසෙන් මීටර් 300ක් පමණ දුර ඉඩමක තිබී සොයා ගත් බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරුවෙකු ද ගම්වාසීන්ගේ සහාය ඇතිව තලෙයිමන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *