අද සිට කොළඹ පුරා මෙට්‍රෝ බස් 111ක් ධාවනයට එක් කරයි – ලබන වසරේ සිට පිට පළාත්වලටත් මෙට්‍රෝ බස් එයි

අද (29) සිට තවත් මාර්ග 5ක මෙට්‍රෝ බස් ධාව­න­යට යොද­වන බව එම සමා­ගම පව­සයි. ඒ අනුව මේ වන විට මෙට්‍රෝ බස් ධාව­නය කරන මාර්ග දෙකත් සමඟ මාර්ග 7ක මෙට්‍රෝ බස් ධාව­නය කෙරේ. මාකුඹුර සිට පිටකොටුව, මිලේනියම්සිටි සිට කොළඹ කොටුව, කඩවත සිට මාකුඹුර, දෙමටගොඩ සිට පානදුර, බත්තරමුල්ල සිට ඒකල, කොල්ලුපිටිය වටරවුම් මාර්ගය, කැස්බෑව සිට පිටකොටුව දක්වා මෙසේ මෙට්‍රො බස් ධාවනය කෙරේ. ලබන වසරේ සිට කොළ­ඹින් පිට පළාත් සඳහා ද මෙම සේවාව ව්‍යාප්ත කිරී­මට බලා­පො­රොත්තු වන බව මෙට්‍රෝ බස් සමා­ගමේ සභා­පති යූ. පී. තිල­ක­රත්න මහතා පැව­සීය.

කොළඹ සහ තවත් ප්‍රධාන නගර ආව­ර­ණය කර­මින් ක්‍රියා­ත්මක වන, නවීන වායු­ස­ම­නය කළ, පහත (low-floor) සහ තත්‍ය කාලී­නව ලුහු­බැ­ඳිය හැකි (real-time tracked) පොදු ප්‍රවා­හන බස් සේව­යක් වන මෙට්‍රෝ බස් සේවාව විශේ­ෂිත තාක්ෂ­ණික පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත වෙයි.

ඩිජි­ටල් වේදි­කා­වක් මඟින් සේවා ක්‍රියා­ත්මක වන අතර මගීන්ට අවශ්‍ය තොර­තුරු පහ­සු­වෙන් ලබා ගැනී­මට හැකි වේ. කඩ­වත ඇතුළු නව ඩිපෝ මධ්‍ය­ස්ථාන ආරම්භ කර ඇති අතර ඉදි­රි­යේදී ගාල්ල, මහ­නු­වර සහ යාප­නය වැනි ප්‍රදේ­ශ­ව­ල­ටත් මෙම සේවාව පුළුල් කිරී­මට නිය­මි­තය.

සති අන්ත පැකේ­ජ­යන් ද ක්‍රියා­ත්මක වන අතර, මගීන්ට අඩු මුද­ල­කට වැඩි දුරක් ගමන් කිරීම සඳහා ‘Metro Bus Weekend Pass’ හඳුන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *