වෙළෙඳපොළේ හිඟව පවතින සහල් සහ පොල් අද (05දා) සිට සතොස මගින් අලෙවි කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඊයේ (04දා) පැවසීය.
රජය සතු පොල් ඉඩම්වලින් පොල් ලබාගෙන පොල් ගෙඩියක් රුපියල් 130ක් වැනි මිලකටත් නාඩු සහල් කිලෝව රුපියල් 220ක්, සම්බා කිලෝව රුපියල් 230කටත් කීරී සම්බා කිලෝවක් රුපියල් 260ක මිලකටත් සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා කීය.
රට තුළ සහල් පරිභෝජනයට අවශ්‍ය වී තොග මහා පරිමාණ මෝල්හිමියන් සතුව තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ආනයනික සහල් ගෙන්වනතෙක් පවතින සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් සමරසිංහ මහතා කීය.