ඔක්තෝබරයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 24%කින් ඉහළට යයි

ඉකුත් ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1158ක් දක්වා සියයට 24.8කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ගිය වසරේ (2023) ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 928ක් පමණක් විය.

මෙම අපනයන ආදායමේ වර්ධනය සඳහා කෘෂිකාර්මික හා කාර්මික අපනයන ආදායම් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ අනුව ගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී කාර්මික අපනයන ආදායම සියයට 24.5කින් සහ කෘෂිකාර්මික අපනයන ආදායම සියයට 6.මක් ද වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *