වසර 17කට පසු අලිමංකඩ මුරපොළ ඉවත් කරයි

යාපනය -මහනුවර ඒ 9 මාර්ගයේ වසර 17 ක් ක්‍රියාත්මක වූ අලිමංකඩ යුද හමුදා හා පොලිස් මුරපොල ඊයේ (13 ) ඉවත් කොට තිබේ.

අලිමංකඩ ප්‍රදේශයේ මුලින්ම මෙම යුද හමුදා-පොලිස් මුරපොල පිහිටුවා ඇත්තේ 1952 වසරේදීය. පසුව එය ඉවත් වීමෙන් පසුව 2008 වසරේදී යුද හමුදාව හා පොලීසිය විසින් එම මුරපොල යළි ආරම්භ කොට ඇත.EP ROAD 0002 Iri Newsඅවසන් යුද සමයේ දකුණේ සිට උතුරට නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම පිණිස යොදවන ලද එම මුරපොල හරහා ගමන් කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කළ පිරිසට දැඩි අපහසුතාවයකට මූණ පාන්නට සිදු වුණි.

අලිමංකඩ යුද හමුදා හා පොලිස් මුරපොල ඉවත් කිරීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලනඥයින් රජයට ඔවුන්ගේ සතුට පලකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *