පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ගණනය කිරීම මේ වන විට ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ත් 65 ත් අතර අගයක පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.