අඛණ්ඩව පැය 24ම ත්‍රිපෝෂ නිෂ්පා­ද­නය ආරම්භ කරයි

ත්‍රිපෝෂ ප්‍රති­ලා­භීන්ට අඛ­ණ්ඩව ත්‍රිපෝෂ සැප­යීමේ අර­මු­ණින් පැය 24 පුරාම ත්‍රිපෝෂ නිෂ්පා­ද­නය කර­මින් පව­තින බව එම සමා­ගමේ සභා­පති අමල් අත්ත­නා­යක මහතා පව­සයි. ගර්භිණී සහ කිරි දෙන මවු­ව­රු­න්ටත්, වයස මාස 6 සිට අවු­රුදු 03 දක්වාත්, අව­ශ්‍ය­තාව අනුව අවු­රුදු 03ට වැඩි දරු­ව­න්ටත් ත්‍රිපෝෂ නිකුත් කරයි. නමුත්

ත්‍රිපෝෂ නිෂ්පා­ද­න­යට අවශ්‍ය ප්‍රධා­නම අමු­ද්‍රව්‍ය වන ප්‍රමි­ති­ගත බඩ­ඉ­රිඟු නොමැති වීම මත ත්‍රිපෝෂ නිෂ්පා­ද­නය මාස ගණ­නා­වක් අඩාළ වී තිබිණි.

ඒ හේතු­වෙන් ත්‍රිපෝෂ සමා­ගමේ නිෂ්පා­දන අඛ­ණ්ඩව සිදු කිරී­මට නොහැකි වූ අතර ඉල­ක්ක­ගත ප්‍රති­ලාභී කණ්ඩා­යම් වෙත ත්‍රිපෝෂ ලබා­දීම අක්‍ර­ම­වත්ව පැව­තිණි. වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහ­තාගේ මැදි­හ­ත්වීම මත අමාත්‍ය මණ්ඩල අනු­මැ­ති­යෙන් ප්‍රමි­ති­ගත බඩ­ඉ­රිඟු ආන­ය­නය කිරී­මට පසු­ගි­යදා රාජ්‍ය වාණිජ විවිධ නීති­ගත සංස්ථාව හා ත්‍රිපෝෂ සමා­ගම අතර එක­ඟතා ගිවි­සු­ම­කට එළ­ඹිණි.

එම ගිවි­සු­මෙන් පසුව ත්‍රිපෝෂ නිෂ්පා­ද­න­යට අවශ්‍ය ප්‍රමි­ති­ගත බඩ­ඉ­රිඟු සැප­යුම යථා­වත් වී තිබේ. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පා­ද­නය මේ වන විට යළි ආරම්භ කර තිබේ. පැය 24 පුරාම නිෂ්පා­දන කට­යුතු සිදු කෙරෙන බව එහි සභා­පති අමල් අත්ත­නා­යක මහතා පැව­සීය.

මෙම මාසය අව­සන් වන විට ත්‍රිපෝෂ නොලැ­බුණු සැමට සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යාල හරහා ත්‍රිපෝෂ ලබා­ගැ­නී­මට හැකි වන පරිදි බෙදා­හැ­රීම් දිව­යින පුරා සිදු කරන බවත්, එමෙන්ම වසරේ ඉදිරි මාස කිහි­ප­ය­ටත් අවශ්‍ය සැප­යුම අඛ­ණ්ඩව සිදු කළ හැකි බවත් සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *