පැරණි මහවිරු සැමරුම් අද ඊයේ ඒවා මෙන් පෙන්නූ තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡන ද ප්‍රදර්ශනය කරමින් පසුගිය වසරවල පවත්වා තිබුණු මහවිරු සැමරුම්වල වීඩියෝ දර්හන, මේ වසරේ මහවිරුසැමරුම්වල දර්ශන මෙන් පෙන්වමින් මහජනතාව නොසන්සුන් කිරීමට කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන් වයස අවුරුදු 28, 35 සහ 45 යන වයස් ඛාණ්ඩයන්ට අයත් ය.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *