ආණ්ඩු සහ විපක්ෂ මන්ත්‍රීන්ට කිසිදු වාහනයක් ලබා නොදීමට රජය තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ධූර කාලය තුළ භාවිතා කිරීම සදහා මෝටර් රථයක් ලබා දීමට රජය මීට පෙර තීන්දු කර තිබුනද, නැවත සලකා බැලීමෙන් පසුව එම තීන්දුව ඉවත් කර ගැනීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහනයක් හිමි නොවන අතර, ඉන්ධන කෝටාවක් පමණක් හිමි වේ.

ඊට අමතරව, මින් ඉදිරියට රජයේ කටයුතු සදහා වී එයිට් මෝටර් රථ ආනයනය නොකරන බවද රජය නිවේදනය කර තිබේ.

දැනට රජය සතුව වී එයිට් වර්ගයේ මෝටර් රථ 228 ක් පවතින බව පවසා ඇති මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද ආනන්ද විජේපාල මහතා, එම වී එයිට් රථ 228 වෙන්දේසි කිරීමට කටයුතු කරන බවද පවසා තිබේ.

වී එයිට් වෙනුවට අඩු මිල, ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතු මෝටර් රථ ගෙන්වීමට ඉදිරියේ දී රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *