ළමුන් 300ට අඩු සියලු ම පාසල්වල අස්වැසුම නොලබන පවුල්වල දරුවන් සඳහා රුපියල් 6,000 දීමනාව ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
රජය ප්‍රකාශ කළේ, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් ළමුන්ට මෙම දීමනාව මේ වනවිටත් එම පවුල්වල බැංකු ගිණුම් හරහා ලබා දීමට පියවර ගෙන ඇති බව ය.
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් නොවන දෙමව්පියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලු ම ළමුන් සහ විශේෂ හේතු මත අසරණභාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැවරු බව රජය පැවසීය.
රජය සඳහන් කළේ, එම කාණ්ඩයන්ට අයත් පවුල්වල ළමුන් තෝරා ගැනීම සඳහා යාවත්කාලීන දත්ත පද්ධතියක් දැනට නොමැති වීම සහ යෝජිත ලිපිද්‍රව්‍ය 2025 නව පාසල් වාරය ආරම්භයේදී ම ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දිවයින පුරා පිහිටි මුළු පාසල් 10,096 අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576 ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලු ම ළමුන්ට වවුවර පත්‍රයක් මගින් ලබා දීමට කටයුතු කරන බව ය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.