මොඩිෆිකේෂන් කරපු බස් රථ නිර්මාණය කරලා තියෙන්නේ 60% ක් වන ක්ලබ් යන්න බැරි ජනතාවට – පී.ඒ. දයාරත්න

බස් රථවල අලංකරණ කොටස් සම්බන්ධයෙන් නිසි පරිදි ගැසට්ටුවක් මඟින් ප්‍රකාශයට පත් කර ඒවා සාදා ගැනීමට මාස 6 ක හෝ සහන කාලයක් ලබාදිය යුතු බව නවීකරණය කරන ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති පී.ඒ දයාරත්න පවසනවා.

ඉන් අනතුරුව අදාළ නීති ක්‍රියාත්මක කරන ලෙසයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අලංකරණය කරන ලද විශේෂ චාරිකා බස් රථ නිර්මාණය කර ඇත්තේ 60% ක් වන රාත්‍රී සමාජ ශාලාවකට යාමට නොහැකි ජනතාව වෙනුවෙන් විනෝදවීමට බවත් ඒ සඳහා වන අවසරය ලබාදෙන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *