ඖෂධ සමාගම් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම හේතුවෙන් ඩොලර් 397ක වටිනාකමකින් යුත් ඖෂධයක මිල මේ වන විට ඩොලර් 97 දක්වා අඩුකිරීමට හැකිවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පවසනවා.
”ඖෂධ නියාමන අධිකාරියෙන් මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් පටන් ගත්තේ 2019 අවුරුද්ද වෙනකොට. ඊට කළින් කාලය තුළ වෙලා තියෙන්නේ ඖෂධ සමාගම් ලබාදෙන මිල තමයි ලියාපදිංචි සහතික වල සටහන් කරලා ලබාදීලා තියෙන්නේ. ඖෂධ සමාගම්, නියමිත පරිදි මේ මිල ලබා දෙයි කියන විශ්වාසය මත තමයි ඒ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විවිධ හේතූන් නිසා විශාල ලියාපදිංචිවීම් ප්‍රමාණයක් ගොඩ ගැහිලා තිබුණා. 2000ක විතර ප්‍රමාණයක්. සමහර ලියාපදිංචි ඉල්ලුම්පත් අවුරුදු අටක් විතර පරණයි. පහුගිය අවුරුද්ද ඇතුලත අපිට පුළුවන් වුණා ඒ 2000ක් විතර ප්‍රමාදයන් 750ක් දක්වා අඩු කරගන්න.
අපි අලුත් ලියාපදිංචිත් දීපු නිසා ඩොලර් 397ට ලංකාවේ අන්තිම මිලදී ගැනීම කරපු ඖෂධයක් අපිට පුළුවන්කම ලැබුණා මේ වතාවේ තරගකාරිත්වය වැඩි කිරීම මත ඩොලර් 98ට අඩු කරන්න.”