නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මාසික ඉන්ධන වියදම ලක්ෂ 20 සිට ලක්ෂ 03 ට අඩු කරයි

මීට පෙර රුපියල් ලක්ෂ 16 ත් ලක්ෂ 20 ත් අතර ඉහළ අගයක පැවති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මාසික ඉන්ධන වියදම මේ වන විට රුපියල් ලක්ෂ 2 ත් ලක්ෂ 3 ත් අතර ප්‍රමාණයකට පහත වැටී ඇති බව වාර්තා වේ. 

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ මූලිකත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමක දී මේ බව අනාවරණය වී තිබේ. 

මෙම රැස්වීම සදහා නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වී ඇති බව වාර්තා වේ. 

රාජ්‍ය සම්පත් පරිහරණයේ දී කාර්යක්ෂමතාවය සහ වගකීම ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී ප්‍රධාන වශයෙන් ම අවධානය යොමු  වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *