බෙලිඅත්තේ වෙඩි තැබීම දරුණුයි – 04ක් එතනම මිය යයි

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද උදෑසන 8.30 ත් 8.40ත් අතර කාලයේදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

041f90d3 6523 4f12 9a1f 17ce3dee702c Iri News
e0e28e4f 639c 49cd 8b68 eb0edc1ddd2e Iri News
ezgif.com webp to jpg converter Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *