පසුගියදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද රොෂාන් කුමාරතිලක යන අය වෙනුවෙන්, එම පවුලට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් ප්රදානය කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබුණි.
මියගිය රොෂාන් කුමාරතිලක, මියයන විට, 41 වන වියේ පසු වූ තිදරු පියෙකි.
පොලිසිය විසින් ඝාතනය කරන ලද සිය සැමියා වෙනුවෙන්, පොලිසිය, වන්දි වශයෙන් රුපියල් මිලියනයක මුදලක් ලබා දීමට කටයුතු කිරීම පිළිබදව, රොෂාන් කුමාරතිලක මහතාගේ බිරිද දැඩි විරෝධය පළ කර තිබේ.
සිය සැමියාගේ ජීවිතය මිල කළ නොහැකි බව ඈ පවසා තිබේ.
එමෙන්ම ඔවුන් ඉතා හොදින් ජීවත් වූ පවුලක් බව පවසන රොෂාන් කුමාරතිලක මහතාගේ බිරිද, ඔවුන් ජීවත් වූ ආකාරය අනුව, ලක්ෂ දහයක මුදලක් මාස දෙක තුනකට වඩා ප්‍රමාණවත් නොවන බව ද පවසා තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා පැමිණ මුදල් ලබා දීම සිදු කළේ තමන් ඉතාම ව්‍යාකූල මානසිකත්වයක පසු වූ අවස්ථාවක බව පවසන ඈ, එම මුදල භාර ගැනීම පිළිබදව තමන් ලැජ්ජාවට පත්වන බවද පවසයි.
ඝාතනයට ලක් වූ රොෂාන් කරුණාතිලක මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි දයාසිරි ජයසේකර මහතා ඉදිරියේ ඇය මේ බව පවසා තිබුණි.
source – headline news