සංචාරකයින් ලක්ෂ 40ක් ලබන වසරේ ලංකාවට ගෙන්වන සැලසුම හදයි

සංචාරකයින් ලක්ෂ 40 ක් ලබන වසරේ මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

සංචාරක සේවයේ නිරත පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය විසඳුම් ලබාදීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රටට ගෞරවයක් අත්වන අකාරයෙන් සංචාරක සේවයේ නිරතවන කණ්ඩායම් කටයුතු කළ යුතු බවද කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *