මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා ආයෝජනය කිරීමට රජය අප්‍රේල් මාසයේ දී යෝජනා කැදවා තිබුණු අතර, ඒ අනුව මේ වන විට සමාගම් 47 ක් ආයෝජන යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ආයෝජන යෝජනා ඉදිරිපත් කර තිබෙන සමාගම් අතර මැදපෙරදිග ප්රමුඛ පෙලේ සමාගම් කිහිපයක් ද තිබෙන බව වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.
මැදපෙරදිග එකී සමාගම්වලට අමතරව, ඉන්දියාව සහ චීනය වැනි රටවල සමාගම් ද මත්තල සදහා ආයෝජනය කිරීමේ කැමැත්ත පළ කර තිබෙන සමාගම් අතර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.