ආදායම් බදු නොගෙවූ අයට මාස 06ක සහනයක් – නැත්නම් මාසිකව 1.8%ක පොලියක් සහ දඩයක්

ආදායම් බදු පනත යටතේ භාවිතා වන සියලුම බදු සඳහා, මෙතෙක් ආදායම් බදු නොගෙවා හිඟ බදු ලෙස පවතින අයට මාස 06ක් ඇතුළත ගෙවා නිමා කිරීමට කාලයක් ලබා දී ඇති බවත්, එහිදී ඒ සඳහා කිසිදු පොලී හෝ දඩ මුදලක් අය නොකෙරෙන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

ආදායම් බදු නොගෙවා සිටින්නේ නම් හිඟ බදු වෙනුවෙන් සෑම මාසයකටම 1.8%ක පොලී මුදලක් සහ දඩ මුදලක් අය කෙරෙනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්ව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා,

“ආදායම් බද්දක් ගෙවන්නේ නැතුව ඉන්න කොට, ගෙවන්නේ නැතුව ඉන්න හැම මාසයකටම 1.8%ක පොලී මුදලක් එකතු වෙනවා. ඒ පොලිය දිගින් දිගටම නොගෙවා ඉන්නතාක් කල් එකතු වෙනවා, ඊට අමතරව ඒකට දඩ මුදලක් එකතු වෙනවා. කවුරු හරි කෙනෙක්ගේ හිඟ බදු තිබුණා නම්, පහුගිය කාලේ ජනතාව මුහුණ දීපු දුෂ්කරතා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මුහුණ දීපු දුෂ්කරතා ඒ සියල්ල සලකා බලලා, මෙතන දී නීතිමය ප්‍රතිපාදනයක් ගේනවා, තමන්ගේ හිඟ ආදායම් බදු මුදල මාස 06ක් ඇතුළත ගෙවලා නිම කරනවා නම්,  ඒක කිසිදු පොලී මුදලක් අය කරන්නේ නැතුව ගෙවලා, නිම කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *