ඇඹු­ල්ගම නිවෙ­ස­ක කෑන් 32ක ඩීසල් ලීටර් 645ක් ගබඩා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනියි

හංවැල්ල පොලිස් වසමේ ඇඹු­ල්ගම ප්‍රදේ­ශයේ බල­පත්‍ර නොමැ­තිව ඩීසල් ලීටර් 645ක් සන්ත­කයේ තබා­ගෙන සිටි පුද්ග­ල­යකු ඉකුත්දා (20) අත්අ­ඩං­ගු­වට ගත් බව හංවැල්ල පොලී­සිය පැව­සීය.

පොලී­සිය පැව­සුවේ, හංවැල්ල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නාදෙ­නිය මහ­තාට පෞද්ග­ලික ඔත්තු­ක­රු­ව­කු­ගෙන් ලද තොර­තු­රක් මත, ඇඹු­ල්ගම ප්‍රදේ­ශයේ නිවෙ­සක අලෙවි කිරීම සඳහා කෑන් 32ක අසුරා තිබූ මෙම ඩීසල් ලීටර් 645 සමඟ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බවයි. සැක­ක­රු­ගෙන් වැඩි­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මේදී අවශ්‍ය පුද්ග­ල­යන්ට වැඩි මිලට අලෙවි කිරීම සඳහා මෙම ඉන්ධන තොගය රැස් කර­ගෙන සිටි බව පොලී­සිය තහ­වුරු කර­ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *