මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු, වෙනත් බස්වල රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් ඇතුළු නව දෙනකු විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව කොන්දොස්තර බලපත්‍ර නොමැතිව සේවයේ යෙදුණු කොන්දොස්තරවරුන් තිදෙනෙකුද හමු වී ඇති බව සඳහන්.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, හෝමාගම පොලිසිය, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය හා එක්ව මෙය සංවිධානය කර තිබුණා.
එහිදී අධිවේගී මාර්ගයේ හා සාමාන්‍ය මාර්ගවල මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික හා ශ්‍රී ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 152 මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී රියදුරන් සිව් දෙනෙකු හා කොන්දොස්තරවරුන් පස් දෙනෙකු ඇතුළු නව දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (25) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.