ලංකාවේ කුකුළු මස් බිත්තර – අන්නා­සි­ ගන්න චීනය අවසර දෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­නය කෙරෙන කුකුළු මස්, බිත්තර සහ අන්නාසි චීන­යට අප­න­ය­නය සඳහා පැවැති බාධක මේ වන විට චීන රජය විසින් ඉවත් කර තිබේ. පසු­ගි­යදා මෙර­ටට පැමිණි චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ රේගු පරි­පා­ල­නය පිළි­බඳ උප අමාත්‍ය වැං ලිංජුන්ග් මහතා ඇතුළු නියෝ­ජිත පිරිස සමඟ කළ සාක­ච්ඡා­වේදී මීට එක­ඟ­තාව පළ කළ බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පැව­සීය.

ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙ­ඳ­ පො­ළට අප­න­ය­නය කිරී­මට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා­ක­රු­වන්ට මෙන්ම කුකුළු නිෂ්පා­දන කර්මා­න්ත­ක­රු­ව­න්ටද අව­ස්ථාව හිමි වී තිබේ.

අපේ රටේ මෙම කෘෂි නිෂ්පා­දන චීන වෙළෙ­ඳ­ පො­ළට අප­න­ය­නය කිරීම සඳහා දීර්ඝ කාල­යක් තිස්සේ පැවැති බාධක ඉවත් කර ගැනී­මට කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශ­යට විශාල කාර්ය භාර­යක් කිරී­මට සිදු­ විය. විශේ­ෂ­යෙන් අපේ රටේ අන්නාසි වගා කරන ආකා­රය මෙන්ම කුකුළු නිෂ්පා­ද­න­වල ගුණා­ත්ම­ක­භා­වය එරට වෙළෙඳ ­පොළ තුළ තහ­වුරු කිරීම සඳහා ක්‍රම­වේද ගණ­නා­වක් සම්පූර්ණ කරන ලදි.කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් විසින් ඒ සදහා සිදු­ කළ කැප­වීම නිසා චීනයේ වෙළෙ­ඳ පොළ අව­ස්ථා­වන් අප රටට ලබා ගැනීමේ ප්‍රය­ත්නය මේ වන විට සාර්ථක වී ඇතැයි ද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පා­ද­නය කෙරෙන ඉහළ ගුණා­ත්ම­ක­භා­ව­යෙන් යුත් කවර කෘෂි නිෂ්පා­ද­න­යක් වුවද අප­න­ය­නය කිරීම සඳහා චීනයේ වෙළෙ­ඳ ­පොළ අව­ස්ථා­වන් පුළුල් කිරී­මට චීන රජය කට­යුතු කරන බවට චීන උප අමා­ත්‍ය­ව­රයා සහ­තික වූ බවද කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *