ජොන්ස්ටන්, නිමල් සිරිපාල, පවිත්‍රා, අමරවීර, මනූෂ, කංචන, ලාන්සා, රාජිත,රමේෂ්, දුමින්ද, ශෂීන්ද්‍ර ඒ අතර
වසර ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල මැති ඇමැතිවරුන් 60කට අධික පිරිසක් මෙවර මහමැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා සිය මන්ත්‍රී ධුරය ද අහිමි කර ගෙන තිබේ.
මින් වැඩිම පිරිස හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නිමල් සිරිපාලද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, හරීන් ප්‍රනාන්දු, ජානක වක්කුඹුර, විජිත් විජයමුණි සොයියා, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, රෝහණ දිසානායක, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, රංජිත් සියඹලාපිටිය, නිමල් ලංසා, ලසන්ත අලගියවන්න, මනූෂ නානායක්කර, අසංක නවරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, රාජිත සේනාරත්න යන හිටපු මැති ඇමැතිවරුන්ට මෙවර සිය මන්ත්‍රී ධුර දිනා ගැනීමට හැකියාවක් ලැබී නැත.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දුමින්ද දිසානායක මහතාට මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ දුෂ්මන්ත මිත්‍රපාල මහතාට ද සිය මන්ත්‍රී ධුරය මෙවර අහිමි වී තිබේ. මීට අමතරව එස්.එම්. චන්ද්‍රසේන, තාරක බාලසූරිය, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර මහත්වරුන්ට ද මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ඇත. අනුර ප්‍රියදර්ශන යාපා සහ චින්තක අමල් මායාදුන්න මහත්වරුන්ට ද සිය මන්ත්‍රී ධුර රැක ගැනීමට මෙවර අවස්ථාව අහිමිව ගොස් තිබේ.
මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, රෝසි සේනානායක, ප්‍රේමනාත් සී. දොළවත්තට ද පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමිව ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රේමලාල් ජයසේකර, තේනුක විදානගමගේ, සංජීව එදිරිමාන්න, යූ.කේ. සුමිත්, රංජිත් බණ්ඩාර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, සරණ ගුණවර්ධන, ඩී.වීරසිංහ, සි.බී රත්නායක, සරත් වීරසේකර ප්‍රබලයන් රැසකට ද මෙවර මන්ත්‍රී ධුර දිනා ගැනීමට අවස්ථාව හිමිව නොමැත.
එමෙන්ම සමගි ජන බලවේගයේ චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ, ඩිලාන් පෙරේරා මහත්වරුන්ට ද පාර්ලිමේන්තු බලය අහිමි වී ඇත. මීට අමතරව සර්වජන බලය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ චන්න ජයසුමන, දිලුම් අමුණුගොඩ, රොෂාන් රණසිංහ, වීරසුමන වීරසිංහ, උදය ගම්මන්පිල, චරිත හේරත් මහත්වරුන් ද මෙවර සිය මන්ත්‍රී ධුර අහිමි කර ගෙන තිබේ.
එමෙන්ම ප්රජාතන්ත්රවාදී හඬ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කළ රංජන් රාමනායක සහ වඩුවේල් සුරේෂ් ද මෙවර තම මන්ත්‍රී අසුන අහිමිවීම විශේෂත්වයකි.
ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වූ ඩග්ලස් දේවානන්දා මහතාට ද මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ඇති අතර තමිල් මක්කල් විදුදලෛයි පුලිකල් පක්ෂයෙන් ඉදිරිපත් වූ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද මෙවර සිය මන්ත්‍රී ධුරය හිමි වී තිබේ.
ඊට අමතරව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ඉදිරිපත් වූ එම්.ඒ. සුමන්දිරන් මහතාට ද මන්ත්‍රී අසුන අහිමි වී ඇත.