වසර ගණ­නක් මැති­ස­බය නියෝ­ජ­නය කළ ප්‍රබල මැති ඇමැ­ති­වරු 60කට අන්ත පරා­ජ­යක්

ජොන්ස්ටන්, නිමල් සිරි­පා­ල, පවිත්‍රා,  අම­ර­වීර, මනූෂ, කංචන, ලාන්සා, රාජිත,රමේෂ්, දුමින්ද, ශෂීන්ද්‍ර ඒ අතර

වසර ගණ­නා­වක් තිස්සේ පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ ප්‍රබල මැති ඇමැ­ති­ව­රුන් 60කට අධික පිරි­සක් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­යක් ලබා සිය මන්ත්‍රී ධුරය ද අහිමි කර ගෙන තිබේ.

මින් වැඩිම පිරිස හිටපු අනු­ප්‍රා­ප්තික ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමඟ එක් වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු වෙති. නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ නිමල් සිරි­පා­ලද සිල්වා, පවිත්‍රා වන්නි­ආ­රච්චි, මහින්ද අම­ර­වීර, හරීන් ප්‍රනාන්දු, ජානක වක්කු­ඹුර, විජිත් විජ­ය­මුණි සොයියා, ප්‍රමිත බණ්ඩාර තෙන්න­කොන්, රෝහණ දිසා­නා­යක, රමේෂ් පති­රණ, කංචන විජේ­සේ­කර, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, නිමල් ලංසා, ලසන්ත අල­ගි­ය­වන්න, මනූෂ නානා­ය­ක්කර, අසංක නව­රත්න, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, රාජිත සේනා­රත්න යන හිටපු මැති ඇමැ­ති­ව­රුන්ට මෙවර සිය මන්ත්‍රී ධුර දිනා ගැනී­මට හැකි­යා­වක් ලැබී නැත.

එමෙන්ම අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් වසර ගණ­නා­වක් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ දුමින්ද දිසා­නා­යක මහ­තාට මෙන්ම කෑගල්ල දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට පත් වූ දුෂ්මන්ත මිත්‍ර­පාල මහ­තාට ද සිය මන්ත්‍රී ධුරය මෙවර අහිමි වී තිබේ. මීට අම­ත­රව එස්.එම්. චන්ද්‍ර­සේන, තාරක බාල­සූ­රිය, හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ, ශාන්ත බණ්ඩාර මහ­ත්ව­රුන්ට ද මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ඇත. අනුර ප්‍රිය­ද­ර්ශන යාපා සහ චින්තක අමල් මායා­දුන්න මහ­ත්ව­රුන්ට ද සිය මන්ත්‍රී ධුර රැක ගැනී­මට මෙවර අව­ස්ථාව අහි­මිව ගොස් තිබේ.

මීට අම­ත­රව සුසිල් ප්‍රේම­ජ­යන්ත, රෝසි සේනා­නා­යක, ප්‍රේම­නාත් සී. දොළ­ව­ත්තට ද පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද අහි­මිව ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රේම­ලාල් ජය­සේ­කර, තේනුක විදා­න­ග­මගේ, සංජීව එදි­රි­මාන්න, යූ.කේ. සුමිත්, රංජිත් බණ්ඩාර, ශෂීන්ද්‍ර රාජ­පක්ෂ, ඉන්දික අනු­රුද්ධ, ප්‍රසන්න රණ­වීර, සරණ ගුණ­ව­ර්ධන, ඩී.වීර­සිංහ, සි.බී රත්නා­යක, සරත් වීර­සේ­කර ප්‍රබ­ල­යන් රැස­කට ද මෙවර මන්ත්‍රී ධුර දිනා ගැනී­මට අව­ස්ථාව හිමිව නොමැත.

එමෙන්ම සමගි ජන බල­වේ­ගයේ චන්දිම වීර­ක්කොඩි, බන්දු­ලාල් බණ්ඩා­රි­ගොඩ, බුද්ධික පති­රණ, අශෝක අබේ­සිංහ, ඩිලාන් පෙරේරා මහ­ත්ව­රුන්ට ද පාර්ලි­මේන්තු බලය අහිමි වී ඇත. මීට අම­ත­රව සර්ව­ජන බලය නියෝ­ජ­නය කර­මින් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ චන්න ජය­සු­මන, දිලුම් අමු­ණු­ගොඩ, රොෂාන් රණ­සිංහ, වීර­සු­මන වීර­සිංහ, උදය ගම්ම­න්පිල, චරිත හේරත් මහ­ත්ව­රුන් ද මෙවර සිය මන්ත්‍රී ධුර අහිමි කර ගෙන තිබේ.

එමෙන්ම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ නියෝ­ජ­නය කර­මින් මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කළ රංජන් රාම­නා­යක සහ වඩු­වේල් සුරේෂ් ද මෙවර තම මන්ත්‍රී අසුන අහි­මි­වීම විශේ­ෂ­ත්ව­යකි.

ඊළාම් ජනතා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ­යෙන් ඉදි­රි­පත් වූ ඩග්ලස් දේවා­නන්දා මහ­තාට ද මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ඇති අතර තමිල් මක්කල් විදු­ද­ලෛයි පුලි­කල් පක්ෂ­යෙන් ඉදි­රි­පත් වූ ශිව­නේ­ෂ­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් මහතා ද මෙවර සිය මන්ත්‍රී ධුරය හිමි වී තිබේ.
ඊට අම­ත­රව ඉලං­කෙයි තමිල් අරසු කච්චි පක්ෂ­යෙන් ඉදි­රි­පත් වූ එම්.ඒ. සුම­න්දි­රන් මහ­තාට ද මන්ත්‍රී අසුන අහිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *