ලාංකිකයෙකු අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් පෙරටම – විදෙස් සමාගම් සමග ගිවිසුම්ගත වෙයි

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකික තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිස තිබෙනවා.

ඔහුගේ අන්වර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන වග මෙතෙක් අනාවරණය වී නැහැ.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි හී පදිංචි ඔහු මේ වනවිට නිල් චිත්‍රපට 30 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

ලොව පුරා ජනප්‍රිය නිල් චිත්‍රපට වෙබ් අඩවි පවත්වාගෙන සමාගම් රැසක් සමඟ ඔහු කටයුතු කර තිබෙන බවයි දැක්වෙන්නේ.

කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මේ දක්වා මෙවැනි නිල් චිත්‍රපට සමාගම් සමඟ එක්ව නිරූපණයෙන් හෝ රංගනයෙන් දායක වී නැහැ.

Jcody මේ වනවිට අමෙරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිය රංගන කටයුතු සිදුකරගෙන යනවා.

ඔහු රංගනයෙන් දායක වී ඇති එක් නිල් චිත්‍රපටයක් මේ වනවිට නැරඹුම් වාර (Views) මිලියනයේ සීමාව පසුකර තිබීමද විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *