අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වී අදට වසරයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී වසරක් සම්පුර්ණ වේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූයේ මීට හරියටම වසරකට පෙර එනම් 2024 සැප්තැම්බර් 21 දින පැවැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙනි.

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වූ අතර මනාප ඡන්ද ගණනය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179 ක් විය.

මේ ජනාධිපති ධුර කාලයේ වසරක ප්‍රගතිය සැලකීමේ දී ආර්ථිකය තවදුරටත් ස්ථාවර කර ගැනීම, ඉහළ මූල්‍ය විනය, රජයේ ආදායම් තවත් ඉහළ නංවා ගත් වසරක් වීම, අපනයන ආදායම් වර්ධනය, සංචාරක ආදායම් ඉහළ යාම, විදේශ විනිමය ප්‍රේශන ඉහළ නංවා ගැනීම, වරාය මෙහෙයුම් ලාභ ඉහළ නංවා ගැනීම, රේගු ආදායම් ඉහළ නංවා ගැනීම, නීතියේ විධානය හා ආධිපත්‍ය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආයතන ස්වාධීන කිරීම, නව අණපනත් සම්මත කිරීම, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට පියවර ගැනීම සහ විදේශ සබඳතා ශක්තිමත් කිරීමට ගත් පියවර කැපී පෙනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *