රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නීති විරෝධී රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් මාරු කරයි

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය     අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපල සම්බන්ධව රටේ පිළිගත් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය උඩ පලාත ප්‍රාදේශීය ලේකම්  ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත ස්ථාන මාරු කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් විසින්  උඩපලාත ප්‍රාදේශීය ලේකම්වරිය වහාම ක්‍රියාත්මකවන පරිදි  මාරු කර  ඇත්තේ පෙරේදා (26) දිනයේ සිටය.

WhatsApp Image 2024 01 28 at 00.10.46 40b50d21 Iri News

උඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ලංකා ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න  විසින් ලිඛිතව දන්වා තිබිණි. 

WhatsApp Image 2024 01 12 at 09.23.45 a2dbc7ca Iri News

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට  අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය  අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපල අතුහැර යන ලෙස නිවේදනය කරන්නේ පසුගිය 12 වැනිදා එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි.

අනුරාධ ජයරත්න මෙතෙක් අනවසරයෙන් භුක්ති විඳමින් ආදායම් උපදවා පුද්ගලිකව පරිහරණය කර ඇත්තේ අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ  රදාව වත්තේ හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසකි.

%E0%B6%8B%E0%B6%A9 1 Iri News
ප්‍රාදේශීය ලේකම්වරිය තීන්දුව අලවමින්…

ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම තීන්දුවත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් ද බලපෑම් එල්ල විය.

එම නිවේදනය අලවා සති දෙකක් ඉක්ම යන දිනයේ    දේශපාලන බලයට යටත් වූ නිවට රාජ්‍ය නිලධාරීන් විසින් ඇයව  උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යැව්වේය.

Source : https://lankasara.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *