අසල්වැසි රටවල තෙල් මිල ලොකු ගානකින් වැඩි වෙලා,අපේ රටේ පොඩි ගානකින් වැඩි වුණේ – හිටපු ජනපති මෛත්‍රී

වත්මන් ලෝක දේශපාලනික තත්ත්වය සහ යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි බලපෑමකට ලක්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගියදා පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා කියා සිටියේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හමුවේ දේශීය වශයෙන් සිදුකර ඇති මිල සංශෝධන අනෙකුත් අසල්වැසි රටවල් හා සැසඳීමේදී සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි.

මෙරට තෙල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගියද, අසල්වැසි රටවල් දෙස බැලීමේදී එය සුළු අගයක් බවත්, ලෝක තත්ත්වය හමුවේ අනෙකුත් රටවල විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුද්ධය යනු හුදෙක් මිනිසුන්ට පමණක් හිරිහැරයක් වන දෙයක් නොවන බවත්, මිසයිල ප්‍රහාර හමුවේ සතුන් විශාල වශයෙන් මිය යන අතර සමස්ත පරිසර පද්ධතියම විනාශයට පත්වන බවත් ඔහු පැවසීය.

ලෝකයේ සියලු සත්ත්වයන්ට යහපත් පරිසරයක් අවශ්‍ය බවත්; ඉර, හඳ, මහ පොළොව මෙන්ම ගංගා ඇළදොළ රැකගැනීම සැමගේ වගකීමක් බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *