අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් පිරිසකට විදෙස් විශ්වවිද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පිරිනැමුණු ශිෂ්‍යත්ව වැඩසටහනේ පළමු කණ්ඩායම සඳහා නිල වශයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිදු කෙරිණි.
රජය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙළ යටතේ, ඉහළින්ම උසස් පෙළ සමත් වූ සිසුන් පිරිසකට ලොව පිළිගත් විදේශීය විශ්වවිද්‍යාලවල සිය උපාධි පාඨමාලා හැදෑරීමට පූර්ණ අනුග්‍රහය හිමිව තිබේ.
අධ්‍යාපනය යනු “අත්තටු” බව පසක් කරමින්, මෙම වැඩසටහනේ ප්‍රතිලාභී සිසුවෙකු වන ඉනුක පසඳුල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, රජය විසින් තමන්ට ලබා දුන් මෙම ශක්තිමත් “අත්තටු” භාවිතයෙන් නිදහස් අධ්‍යාපනයේ අභිමානය ලොවටම පෙන්වීමට තමන් සූදානම් බවයි.
